Tuesday, October 20, 2015

හිත

එකපාරටම හයියෙන් ගෙරෙවුව්වා.
මගේ හිත ගැස්සිලා ගියා
ටික වෙලාවක් යනකම් මං අහස දිහා බලන් හිටියා
මෙච්චර ලා නිල් පාටින් දිලිසෙන අහසේ
අකුණු සැර එකිනෙක යා වෙනකොට
විදුලි සැර වලින් අහස එලිය වෙනකොට
කොච්චර ලස්සනට පෙවුනත්
ඒ ලස්සන යට හැංගිච්ච භයංකර බවකුත් පේනවා
හරියට අපේ හිත් වගේ
වෙලාවකට සැනසීමෙන් තියෙන හිත
තවත් වෙලාවකට අකුණු ගහන්න වගේ
කේන්තියක් තරහක් ආවාම
ඒක පිට කරගන්නේ කොහොමද කියලවත් තේරෙන්නෑ
ඒත් වේදනාවක් දැනුනාම නම්
ඇස් වලින් කදුළු වක්කරලා හරි ඒ වේදනාව පිටකරගන්නවා
එත් කේන්ති අවාම එක හිතේ තද කරන් අවස්ථාව එනකන්
ඉවසලා ඉන්න පුළුවන් කින් කීදෙනාටද
කේන්ති අවාම මහා හයියෙන් සිංදුවක් දාගෙන
නටන එකතරම් ජොලියක් තවත් නැහැ නේද

- තිලිණි ප්‍රියංජලා-
මේක නම් ඇත්තම ඇත්ත කතාවක් කතාවේ නම තමා "දෙකා"

අපේ බෝඩිමේ එක කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ලට අපි කියන්නේ දෙකා කියලා. අපි එහෙම කියන්නේ ඒ කෙල්ලගේ ගමේ යාලුවන්ගේ බෝඩිම තියෙන්නේ කැලණියේ දෙකටන. ඉතින් දෙකා නිතරම එහෙ යන නිසා අපි දෙකා කියලා නම දැම්මා. දෙකාගේ ගම පොළොන්නරුව. දෙකා හරිම සැහැල්ලුයි, සරලයි. කැම්පස් යන්න පුළුවන්කම තිබිලත්පණ්ඩිතකම නිසා ගිහින් නැහැ. දැන්නම් නාරාහේන්පිට රජයේ ආයතනයක වැඩ. පීඨ දාලා පීඨ යන්නත් බලාගෙන ඉන්නේ. දෙකා හැමදාම උදේට වැඩට යනකොට මට මෙහෙම කියනවා "මං ගිහින් එන්නම් අක්කා ඈ..... " කියල. තව දවසක් දෙකා දෙකාලගේ ගෙදර උන සිද්ධියක් මතක් වෙලා මාත් එක්ක මෙහෙම කිවුවා. "දවසක් අක්කයි මායි රණ්ඩු උනා, අක්කා මට පයින් ගැහුවා, මට රිදු.......නා", කියලා කොන්ද අතගගා කිවුවා.දෙකාට කොල්ලෙකුත් ඉන්නවා. ඌ පොලිසියේ. අපි දෙකාගේ ෆෝන් එක නිතරම රින්ග් වෙන හින්ද අපි දෙකාට විහිලු කරන්නේ අන්න "මගේ පණ" කෝල් කරනවා කියල. අපි එහෙම කියන්නේ දෙකා ඒ කොල්ලගේ නම ෆෝන් එකේ සේව් කරලා තියෙන්නේ "මගේ පණ" කියල නිසා. හැබැයි දෙකා නම් ඒ කොල්ලට කියන්නේ මුසලයා කියල. මොකද රෑ තුන්යාමෙටත් ඒකිට කෝල් කරලා නිදාගන්නවත් දෙන්නැලු. ඇත්තටම මේ වගේ ඩයල් එකක් මගේ ජීවිතේට හම්බ උනාමයි. දෙකා මල් කඩනකොට ඇදේ කොනක පෙරළිලා ඉන්නේ, මං හැමදාම දෙකාට කියනවා "දෙකො බිමට වැටිලා කොන්ද කඩාගන්න එපා කියල. දෙකා සුදු වෙන්නත් හරිම ආසයි. කාලෙන් කාලෙට එක එක ක්‍රීම් ජාති ගෙනත් මුනේ උළලා "අක්කේ දැන් මන් සුදුද ඈ......" කියලා අහනවා.  හැබැයි මගේ ඇස් වලට කදුළු එන එකම එක දෙයක් තියෙනවා. මෙච්චර දවස් අපිත් එක්ක පිස්සු කරපු දෙකා තව ටික දවසකින් සාරියක් ඇදලා ටීචර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න විද්‍යා පීඨ සිලෙක්ට් වෙලා බෝඩිමෙන් යන්න යාවි. එතකොට මේ පුංචි දෙකා අපෙන් ඇත්වෙලා යන්න යාවි. ඒ දවස එන්නත් කලින් මතක් වෙනකොට මගේ ඇස් වලින් ඉබේටම කදුළු වැක්කෙරෙනවා. එත් ඒ කදුළු අස්සේ හැංගිච්ච ලොකු සතුටක් තියෙනවා. ඒ අපේ පුංචි දෙකා හොදට ඉගෙනගෙන ලොකු ටීචර් නෝනා කෙනෙක් වෙලා එයාගේ ජිවිතේ සාර්ථක කරගන්න එක. මේක ලියනකොට මගේ ඇස් වලට කදුළු එනවා. ඒ ඒ නංගි නන්නාදුනන විදියට බෝඩිමට ඇවිත් මගේ නංගි කෙනෙක් තරමටම හිතට දැනුන නිසා. ඉගෙන ගන්න ආව මට මේ කොලොම්තොටේ අහංකාර, සංකර කිසිම අරමුණක් නැතුව යන්නන්වාලේ යන මට අදුනගන්න ලැබූන කෙල්ලන් අතර දිඹුලාගලින් ආපු මේ පොඩි කෙල්ල ඇත්තටම ජිවිතේ දකින විදිය නම් හරිම අපුරුයි. කවදාහරි අපි ඇත්වෙලා යන දවසක මගේ ජිවිතේ අතීත මතකයන් අස්සේ පීරලා බලනකොට දෙකාගේ ඒ අහිංසක හිනාවත් මගේ හිත අස්සේ කොනක හැංගිලා තියේවි.

-තිලිණි ප්‍රියංජලා-

Thursday, October 15, 2015

සිහිනය
 සුන්දර යැයි මවාගත්
අපුර්වතම සිහිනෙක
අනන්තය හා හිස් අවකාශයේ
පාවෙවී සොයා ගිය
කෙළවරක් නැති හිතේ
ඒ සොදුරු දිනය
කප්පරක් බලාපොරොත්තු ගොඩගැහුනත්
බොදවී ගියා
චණ්ඩ මාරුතේ හමා ගිය රළු පවනැල්ලක් සේ
හිතට වේදනා දැනුනත්
කෙලෙස නික්මෙන්න හිතුනත්
බැදීම් වල අනිත්‍ය බව පසක් වීමත්
මෙනෙහි කරවයි ලොව අනියත බවත්

- තිලිණි ප්‍රියංජලා -




 


Wednesday, October 14, 2015

සිත්තම්

සිතක සිත්තම් ගෙතුණු කලනම්
මැවෙයි රන්වන් සුරලොවක්
සිතක සිත්තම් බිදුණු කලනම්
වසියි මහා අනෝරා වැස්සක්
සිතක සිත්තම් නොහටගත්මුත්
දැනෙයි අමා මහා සැනසීමක් 

-තිලිණි ප්‍රියංජලා-
කරුමේ

කරුමෙක මහත
ඇස් ඇර බැලුවත් අන්ධයන්
විදියටයි පෙන්නේ ලෝකය
අන්ධයන්ට නිගරු දෙන්න අකැමැති උනත්
යථාර්තය එයනම් එය පිළිගනු රිසිය
ලොවේ රළු පරළු ගතියත්
සිතට කෙතරම් කම්පා දැනුනත්
වැටෙන්නට දස දහස්වරක් හැදුවත්
පයගසා නැගිටියි නැවත නැවතත්

-තිලිණි ප්‍රියංජලා - 

Thursday, October 8, 2015



සේයා….

සේයා නංගි අතවර කර මරුවායැයි
මා දක්කා සිපිරි ගෙයට ගෙනගියේ ඇයි
ජඩමාධ්‍ය මගේ ආත්මය මරුවාමයි
පොලිසියත් මා නොමරා මැරුවේ ඇයි
අසැබ් දසුන් මගේ ලැපෙහි තිබුනේයැයි
රට පුරාම මහා මේඝයක් සේ පැතිරුවේ ඇයි
එවන් දසුන් මගේ ලපෙහි පමණක්මැයි
 කරන්නද මං දැන් මට ලැජ්ජයි

සේයා ඝාතන නඩුවේ සැකකරුවන් දෙදෙනෙකු වූ 17හැවිරිදි සිසුවා සහ 32 හැවිරිදි එක්දරු පියා හට ලංකාවේ නීතිය හා සාමය සුරකින බවට ලොවක් හමුවේ ප්‍රතිඥ දුන් කොටදෙණියාව පොලිසිය ඔවුන් නිරුවත් කරවා ලොවක් හමුවේ අපහාසයකට පත් කරණ ලදී. ලංකාවේ ජනමාධ්‍ය ලෙස හදුන්වන ජනයාගේ මාධ්‍ය ජනයාගේ දෑස් මුලාවට ලක්කර ඔවුන්ගේ ජිවිත නින්දා අපහාසයට ලක්කර ආත්මයම මරා දැමීමට තැත් කරන ලදී. ඒ දරුවා 17වියේදීම ලෝකයාට මුහුණ දීමට නොහැකිවී තිබෙන්නේත් 32හැවිරිදි එක්දරු පියාගේ දරුවා තමන්ගේ තාත්තා මෙහෙම කෙනෙක් යැයි ලොවම හංවඩු ගසනවිට ඒ දරුවාගේද අනාගතයම අදුරු කරන ලදී. සේයා ඝාතකයා තවමත් හදුනාගෙන නැත. එනමුත් තමන් වරද පිළිගත් බව කොණ්ඩයා ගේ පාපොච්චාරණයෙන් අනාවරණය වූවද  ලංකාවේ ජනමාධ්‍ය කොන්ඩයාගේ මුහුණ නොපෙන්වා කිසිදු වරදක් නොකළ මෙවැනි පුද්ගලයන්ගේ මුහුණු ජනමාධ්‍ය මගින් පෙන්වීම තුලින් ලංකාවේ ජනමාධ්‍ය බලාපොරොත්තුවන්නේ රටේ අනාගතය වනසා දෑමිම නොවේද? මාධ්‍ය ආචාර ධර්ම වලට පටහැනි වෙමින් සම"හරක්" මාධ්‍යන් මගින් සේයා වතාවක් නොව නැවතවරක් ඇයගේ ආත්මයම කෙලෙසා දැමු අතර එයින් සැහීමකට පත් නොවී මුදල් අරඹයා සල්ලි වලට විකිනෙන පක්ෂපාති ඇතැම් ජනමාධ්‍ය අවුරුදු17 කොල්ලගේ පපුවට පිහියෙන් ඇන ඒ දරුවාගේ  අනාගතයද සටහන් කලේ කළු පැල්ලමකිනි. දැන්වත් ඒ කරපු වැරදි නිවැරදි කරපියව්. ජනමාධ්‍ය තියෙන්නේ ප්‍රසිද්ධිය තකා අහිංසක මිනිස් ජිවිත අවධානමකට ලක්කර නිරුවත් කර ලොවක් හමුවේ අමු අමුවේ මිනිස් ජිවිත විකුණා කෑමට නොවේ.මිනිස් ජීවිතවල වටිනාකම එළිපෙහෙළි කිරීමටය.
-තිලිණි ප්‍රියංජලා-


බැදීම……

හිතේ ඇතිවූ හද ගැස්මෙන්
නෙතට දැනුණු ආලෝකයෙන්
ළයේ හටගත් ප්‍රේමයෙන්
හිතට හිතක් බැදුනා
කවදා කොහොම කොයි විදියට
දැක ගන්නට ලැබේවිදෝ සිතුනා
දැත පටලා ආදරෙන්
එක්ව පාතබා යන්නන්ට
නුදුරු දිනෙකම හැකිවෙතැයි සිතුනා
වශීවූ ඒ කටහඩින්
හුස්ම ගත් ඒ ජීවිතෙන්
මගේ ලෝකෙම අරුත් වේයැයි සිතුනා
හී සැරයක වේගයෙන්
හදට දැනුණු ආදරෙන්
ලොවම මල් වැහි වස්සන
වසත් සාමය උදා වේදැයි සිතුනා
හිරිකඩ වැහිපොද ඇග දැවටෙනකොට
රාගයෙන් තොර ප්‍රේමයත්
ප්‍රේමයෙන් තොර රාගයත්
එක්ව මුසුවූ බැදීමක් වසත් සමයේ උදා උනා
විටෙක චංචල බවක් දැනුනත්
විටෙක නිශ්චල බවක් හැගුනත්
විශ්වාසේ මා හිත පත්ලටම කිදා බැහැ තිබුනා
ඔහුට මා මෙන් මටද ඔහුමෙන්
එක්ව දිවි නිමිතෙක්
සසර දනව්වේ සැරිසරන්නට
සිත් එක්ව බැදුනා
 -තිලිණි ප්‍රියංජලා-



කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය

නිමක් නොපෙනෙන දැනුමි සමිභාරයෙන් දෝතක් මිට මොලවා ගන්නට වසන්තයේ එක සුන්දර දවසක පොත් වැස්සක් බණ්ඩාරනායක ශාලාව වෙත ඇද වැටුනි. එහි දැනුමි පහස ව්ඳගන්නට අපද වාසනාවන්තයන් වූයෙමූ’ පිනි කැට මෙන් ඇඳ හැළුණූ පොත් කැට එකිනෙක පෙරලා බලා ඒ සුවඳ තුලින් ජිව්තය ප‍්‍රාණවත් කරගන්නට ෙමි පොත් වස්සානයේ ආශ්වාදය විදින්නෙකුට හැකිවනු නොඅනුමානය.
පොත් වැස්සේ තෙමෙන්න පොත් ගුල්ලන් මීවදයට බඔරු ඇදෙන්නාක් මෙන් අතුරුසිදුරු නැතුව පොත් ගුහාව පිරෙන්නට විය.

"පොත් විතරක්ම නොවේ"
පොත්පත් වලින් සපිරුණු වෙළද කුටි හැරුණු විට පොත් ප‍්‍රදර්ශනයට අපූර්වත්වයක් එක් කල තවත් අංග කිහිපයක්ම මෙහිදී දැකගත හැකි විය. ප‍්‍රදර්ශනයට ඇතුලූ වන ස්ථානයේම පසෙකින් ඉදිකර තිබූ සංවාද මණ්ඩපය එවැන්නකි. එහිදී විවිධ ලේඛක ලේඛිකාවන් අතර සිදුකෙරුණු සංවාද වලට පාඨකයන්ටද මැදිහත්වීමට අවස්ථාව සලසා තිබුණි.


එසේම ‘‘ෆේස් බුක් කවි’’‘‘නූතන නවකතා ආදී විවිධ මාතෘකා ඔස්සේ මෙම සංවාද පැවැත්වෙන අතර මේ සෑම සංවාදයක්ම විවෘත සංවාද ලෙස නම් කර තිබීම විශේෂත්වයකි. එමෙන්ම මෙම සංවාද මණ්ඩපයට මදක් එපිටින් පිහිටා තිබූ කැටපත් පවුරද තවත් එවැනිම වූ එක් නිර්මාණශීලී අංගයකි. ප‍්‍රදර්ශනයට පැමිණෙන ජනතාවට සිය සාහිත්‍ය කුසලතා පෙන්වීමට අපූරු ස්ථානයක් ලෙස මෙය හැඳින්විය හැකිය. 

සිය කවියක් කැටපත් පවුරේ අමුනා ගිය එවැනි දහස් ගණනකගේ කාව්‍ය නිර්මාණ එහිදී දැකගත හැකිය. මෙම කාව්‍ය නිර්මාණ අතරින් හොදම නිර්මාණ තෝරා කවිපොතක් පල කිරීමට පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය බලාපොරොත්තු වේ. පොත් පත් වලින් බැහැර වූ අමුතු ආකාරයේ කලාත්මක අංගයක්ද ඒ අතරම දක්නට ලැබුණි. ඒ 'මෙහෙන්දි ’ ගැල්වීමේ වැඩසටහනකි.

 එය බොහෝ තරුණයන්ගේ අවධානය දිනගත් අංගයක් බව පෙනෙන්නට තිබුණි. එමෙන්ම ස්වයං අධ්‍යයන මධ්‍යස්ථාන කුඩා ළමුන් සඳහා සංවිධානය කර තිබූ විවිධ නිර්මාණශීලී තරඟ ඉසව් මෙන්ම විසිතුරු අත්කම් ප‍්‍රදර්ශන කුටියක්ද ඒ අතර සුවිශේෂ වේ. එසේම මෙම ප‍්‍රදර්ශනයට නිල මාධ්‍ය අනුග‍්‍රහය සපයන නෙත් එෆ් එම් මගින් සංවිධානය කර තිබූ සෙල්ෆි ඡුායාරූප ගැනීමේ තරඟයද බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබුණි. විඩාබර නෙත සිතට ආලෝකයක් වූ පොත්පත් අතර ඔබ මදක් විඩාබර වුවහොත් මෙවැනි එක් කුටියක් නිසැකවම ඒ විඩාව නිවාලනු ඇත

තිළිණි හංසිකා 
මේ පොත් ප‍්‍රදර්ශනය අපි වගේ ඉස්කෝලෙ යන ළමයින්ට ගොඩක් වටිනවා. ඉස්කෝලෙ විෂයන්ට අදාල පොත් වගේම කෙටි කතා, නව කතා වගේ හැම පොතක්ම මෙී පොත් ප‍්‍රදර්ශනයේ  තියෙනවා. අපිත් හැම අවුරුද්දකම මෙී පොත් ප‍්‍රදර්ශනයට ඇවිත් පොත් ගන්නවා. අපි ගන්න හැම පොතකටම වට්ටම් හම්බවෙන නිසා වියදමි අඩුවෙන් පොත් ගොඩක් ගන්න අපිට පුලුවන්. මායාකාර මහල්ලා” හොල්මන් කැඩපත” අමිමා” උන්මාදය” රෙබෙකා” ඇත්ත යුත්ත වැනි මම ආසම පොත් කිහිපයක් ගත්තා. පරිගණක ඉගෙනුමට අදාල වන පොත් කිහිපයක් වගේම දෘඩ තැටි කිහිපයක් ද මට තාත්තා අරන් දුන්නා.
‍බෙංගමුෙවි සෝරත

මේ වගේ පොත් ප‍්‍රදර්ශනයක් පවත්වන එක නමි බොහොම වැදගත්. මොකද ලංකාවෙ පොත් ප‍්‍රකාශකයො එකම ස්ථානයක පොත් පලකරන හින්දා අඩු වියදමක් දරලා අපට පොත් ගණනාවක් ම්ලදි ගන්න පූළුවන් විමත් අපට ලොකු සහනයක්.  වැදගත් පොත්පත්  රාශියක් වගේම බුදු දහමට අදාලවත් මේ ප‍්‍රදර්ශන කුටිවල තිබුනා. බෞද්ධාගම්ක පොත්පත් වලටම  වෙන්වුණු ප‍්‍රදර්ශන කුට් තිබිබ නිසා ඒක අපට ලොකු පහසුවක් වුනා. අවුරුද්දට සැරයක් මේ වගේ පොත ප‍්‍රදර්ශනහක්තියලා විශේෂ වටිටමිවලට පොත් විකිණිමගැන ඉතාමත් සතුටු වෙනවා.

තරංග දිසානායක
(මසිත ප‍්‍ර‍්‍රකාශන)
මෙම ස්ථානයේ පොත් ප‍්‍ර‍්‍රකාශකයින්  විිශාල සංඛාවකගේ ප‍්‍රදර්ශන කුටිතියෙනවා. ඔවූන් වීසින් පොත් ප‍්‍රදර්ශනය සහ අලවිය කියන දෙකම සිදුකරනවා. පොඩි ළමයගෙ ඉදලා වැඩිහිටිියා දක්වා සියලුම අයට එකම ස්ථානයක් තුල පොත් ප‍්‍රදර්ශන කුටී විශාල සංඛ්‍යාවකින් තමන්ට අවශ්‍ය කරන පොත් මීලදී ගන්න පුන්‍වන්. එ් වගේම මෙීකෙ තියෙන වීශේෂම වාසිය තමයි සෑම පොතකටම වටීටමී හිමීවීම අඞු මුදලකට පොත් මීලදී ගන්න පුළුවන් වීම සහ සොයා ගැනීමට අපහසු පොත් පවා මෙී ස්ථානයෙන් ලබාගන්න අවස්ථාව තියෙනවා.     දින 10ක් පුරාවට අපි මෙී පොත්  ප‍්‍රදර්ශනය වීවෘත කරලා තියෙනවා.