Tuesday, October 20, 2015

මේක නම් ඇත්තම ඇත්ත කතාවක් කතාවේ නම තමා "දෙකා"

අපේ බෝඩිමේ එක කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ලට අපි කියන්නේ දෙකා කියලා. අපි එහෙම කියන්නේ ඒ කෙල්ලගේ ගමේ යාලුවන්ගේ බෝඩිම තියෙන්නේ කැලණියේ දෙකටන. ඉතින් දෙකා නිතරම එහෙ යන නිසා අපි දෙකා කියලා නම දැම්මා. දෙකාගේ ගම පොළොන්නරුව. දෙකා හරිම සැහැල්ලුයි, සරලයි. කැම්පස් යන්න පුළුවන්කම තිබිලත්පණ්ඩිතකම නිසා ගිහින් නැහැ. දැන්නම් නාරාහේන්පිට රජයේ ආයතනයක වැඩ. පීඨ දාලා පීඨ යන්නත් බලාගෙන ඉන්නේ. දෙකා හැමදාම උදේට වැඩට යනකොට මට මෙහෙම කියනවා "මං ගිහින් එන්නම් අක්කා ඈ..... " කියල. තව දවසක් දෙකා දෙකාලගේ ගෙදර උන සිද්ධියක් මතක් වෙලා මාත් එක්ක මෙහෙම කිවුවා. "දවසක් අක්කයි මායි රණ්ඩු උනා, අක්කා මට පයින් ගැහුවා, මට රිදු.......නා", කියලා කොන්ද අතගගා කිවුවා.දෙකාට කොල්ලෙකුත් ඉන්නවා. ඌ පොලිසියේ. අපි දෙකාගේ ෆෝන් එක නිතරම රින්ග් වෙන හින්ද අපි දෙකාට විහිලු කරන්නේ අන්න "මගේ පණ" කෝල් කරනවා කියල. අපි එහෙම කියන්නේ දෙකා ඒ කොල්ලගේ නම ෆෝන් එකේ සේව් කරලා තියෙන්නේ "මගේ පණ" කියල නිසා. හැබැයි දෙකා නම් ඒ කොල්ලට කියන්නේ මුසලයා කියල. මොකද රෑ තුන්යාමෙටත් ඒකිට කෝල් කරලා නිදාගන්නවත් දෙන්නැලු. ඇත්තටම මේ වගේ ඩයල් එකක් මගේ ජීවිතේට හම්බ උනාමයි. දෙකා මල් කඩනකොට ඇදේ කොනක පෙරළිලා ඉන්නේ, මං හැමදාම දෙකාට කියනවා "දෙකො බිමට වැටිලා කොන්ද කඩාගන්න එපා කියල. දෙකා සුදු වෙන්නත් හරිම ආසයි. කාලෙන් කාලෙට එක එක ක්‍රීම් ජාති ගෙනත් මුනේ උළලා "අක්කේ දැන් මන් සුදුද ඈ......" කියලා අහනවා.  හැබැයි මගේ ඇස් වලට කදුළු එන එකම එක දෙයක් තියෙනවා. මෙච්චර දවස් අපිත් එක්ක පිස්සු කරපු දෙකා තව ටික දවසකින් සාරියක් ඇදලා ටීචර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න විද්‍යා පීඨ සිලෙක්ට් වෙලා බෝඩිමෙන් යන්න යාවි. එතකොට මේ පුංචි දෙකා අපෙන් ඇත්වෙලා යන්න යාවි. ඒ දවස එන්නත් කලින් මතක් වෙනකොට මගේ ඇස් වලින් ඉබේටම කදුළු වැක්කෙරෙනවා. එත් ඒ කදුළු අස්සේ හැංගිච්ච ලොකු සතුටක් තියෙනවා. ඒ අපේ පුංචි දෙකා හොදට ඉගෙනගෙන ලොකු ටීචර් නෝනා කෙනෙක් වෙලා එයාගේ ජිවිතේ සාර්ථක කරගන්න එක. මේක ලියනකොට මගේ ඇස් වලට කදුළු එනවා. ඒ ඒ නංගි නන්නාදුනන විදියට බෝඩිමට ඇවිත් මගේ නංගි කෙනෙක් තරමටම හිතට දැනුන නිසා. ඉගෙන ගන්න ආව මට මේ කොලොම්තොටේ අහංකාර, සංකර කිසිම අරමුණක් නැතුව යන්නන්වාලේ යන මට අදුනගන්න ලැබූන කෙල්ලන් අතර දිඹුලාගලින් ආපු මේ පොඩි කෙල්ල ඇත්තටම ජිවිතේ දකින විදිය නම් හරිම අපුරුයි. කවදාහරි අපි ඇත්වෙලා යන දවසක මගේ ජිවිතේ අතීත මතකයන් අස්සේ පීරලා බලනකොට දෙකාගේ ඒ අහිංසක හිනාවත් මගේ හිත අස්සේ කොනක හැංගිලා තියේවි.

-තිලිණි ප්‍රියංජලා-

No comments:

Post a Comment