Monday, November 30, 2015

සීත සෘතුව

සීතල උන කොපුල් මත
රත් උන දෙතොල් තියා
උණුසුම් කරමු සීත සෘතුව
නලියන දෙහිත් මත
වලාකුළු වියන් බැද
උදාවූ වසත්සමයේ
ආදර මල්වැහි වස්සවා
පොපියන වස්සානයේ
තෙමි තෙමි විදිමු 

සීත සෘතුව

- තිලිණි ප්‍රියංජලා -

Sunday, November 29, 2015



සායම් කල දෙතොල් පෙති
පින්තාරු කල දෙනෙත්
මන්මත්වන කොපුල්
කදිමයි සීත සෘතුවෙ
දෙතොල් අග්ගිස්සෙන් කොදුරා කියූ වදන්
සීත සෘතුවේ සීත සෘතුවේ
ගුලි වෙමුද උණුහුමට

- තිලිණි ප්‍රියංජලා -

දෙනෙතට නින්ද නොඑන වැසිබර නිමේෂයක

සිතිජයේ අනන්තය වෙත
යන්න සිතුනත් මටත්
නොපෙනී යනතෙක්ම
නිමක් නොපෙනෙන අනන්තයේ අනන්තයේ
එන්නේ කොහොමද
කප්පරක් බලාපොරොත්තු
හිත් පොඩිත්තක තියා
ඉටු කරනා තුරු හිදියි බලා
මැලවී ගිය රෝස කොපුල්
සීතල වී යා උන සියුමැලි දෙඅත්
වැසී ගිය තරු දෙනෙත්
බලා හිදියි
උණුසුම් ප්‍රාණ වායුවක් සේ
බලාපොරොත්තු ගතට පිබිනා තුරු
හුස්ම ගන්නට බලාපොරොත්තු තුලින්
පණ දෙන්න පණ දෙන්න
ජිවත් වෙන්න මියැදී නොව
සටන්කොට ජීවත්වෙන්න
අනාගතයේ පියමන් කොට
කාලය ආ විගස
හුස්ම නැවත අත්හරින්න

- තිලිණි ප්‍රියංජලා -

Wednesday, November 18, 2015

පුපුරන්නට එනවා ඔළුව
රස්නයක්ද දැනෙනවා දැන් දැන්
කවද්ද මේ දුක් ගින්නෙන්
සමුගන්නේ සසර භවෙන්

අරක කියයි මේක කියයි
බැලු බැලු අත වික්ෂිප්තයි
විටෙක දුකද සතුට රැදෙයි
ලෝකය මෙන් සිතුවිලිද කැරකෙයි

උදේට ඉර පායනවා
හවසට ඉර හැංගෙනවා
රෑ යාමේ හද එනවා
පාන්දරට හැංගෙනවා
මනුස්ස ලොව පිරිහෙනවා
නොමිනිස්කම රජ වෙනවා

- තිලිණි ප්‍රියංජලා -

Tuesday, November 17, 2015

යන යන තැන් නොදැන නොදැක
හසරක් නැති යන ගමනේ
පහන් සිලක් වෙන්නද මං
නොදැනෙන නොහැගෙන නිමේෂයක 


රිදෙන හැපෙන රළ රැල්ලක
ගැටෙන වැටෙන හැම මොහොතේම
පෙණ බුබුලක් වෙන්නද මං
සැරින් සැරේ නැගිටින්නට

ගස් ගල් කදු වැටි  සිදිමින්
සුළි සුළගක් එන පාසා
මද සුළගක් වෙන්නද මං
ඉන් ඔබ මුදවාලන්නට

සත්‍ය යටපත් වූ තැන
මංමුලා වූ තැන
ගිනි සිළුවක් වෙන්නද මං
සත්‍යයේ සටහන් තබන්න

- තිලිණි ප්‍රියංජලා -

Sunday, November 1, 2015

 හිත

පිච්චේනකොට හිත
දැනෙනවා වේදනාවක්
දෙකට කඩා හදවත
පැත්තක බර අනෙක් පැත්තට වඩා
වූ නමුත් බරක්
කැඩු හිත යලිත්
කොතෙක් දැගලුවත්
කරන්නට එක්තැන්
කරන්නට බැරිය
මන්දයත්
කැඩූ හිත දෙකොසකට
යුක්තවූ බැවින් අසමාන බරකින්

- තිලිණි ප්‍රියංජලා -
නිල් අහසේ
රන් ඉරක් ඇදපු
අපුරුව සිත්තමක
ඩොන් ඩොන් ගගා
ගහද්දි අකුණු
මැකී ගියා එක එල්ලේම ඇදපු රන් ඉර
චිරි චිරි ගගා මඩ කඩිති
වැහි කැට එකිනෙක යාවි
හැදුනු අපුරුව
වැහි කැට පුංචි දියපාරක් වී
මඩ කඩිත්ත ගංගාවක් වී
පිටාර ගැලූ අපුරුව

- තිලිණි ප්‍රියංජලා -