එදා රත් උන දෙතොල්
මෙදා සීතල වෙලා
එදා උණුහුම් කොපුල්
මෙදා ගල් ගෙඩි වෙලා
එදා අතට අත ගත් දෙඅත්
අද තදට තනිවම යාවෙලා
එදා කතා කරපු දෙනෙත්
මෙදා තදින් නිහඩ වෙලා
එදා දෙසවන් පිරූ මියුරු බස්
අද ඇයිද ගොළුවෙලා
එදා දැත පටලා ගිය ඔබ
මා තනිකර නික්මෙලා
පැණි බේරෙන කොපුල් හිනා
මළ බෙරේට මැලවෙලා
නික්මෙන්නට සැරසුනත්
සුදුවතින් සැරසිලා
වාරුවක්වත් පිනක්වත් නෑ
කරපින්නට ඔබේ බර
ඒත් කොහොමද යන්න දෙන්නේ
යන්න දෙන්න බෑමයි මට
ඒත් දෙන්න අවසර මට
ඔබේ දෙතොලට දෙතොල තියා
සමුගන්නට ඔබේ කයෙන්
නෑ මං වෙන්වෙන්නේ නෑ
ඔබ මාගෙන් සමුගන්නෑ
ඒ හිනාව ඒ කතාව
කිසිදා මියැදෙන්නේනෑ
අපි ඇවිදපු මල් පාරේ
තවමත් අරලියා පිපෙනවා
බටිති මලිති පුංචි පැටව්
තාමත් රැව්පිළිදෙනවා
ආයෙත් උණුහුම් දෙඅත් අල්ලා
පිණි කැට වැටෙනා සීත සෘතුවේ
ඔහේ ඇවිදිමු පැද්දි පැද්දී
කොමල කතා කියව කියවා
අරලිය මල් වැටුන පාරේ
දැන දැනත් යලි නොඑන බවට
සිහිකරන්නම් දෑස් පියා
ජිවිතේ හුස්ම ගන්න තුරාවට
සදා නොමියෙන්නම් ඒ සොදුරු දිවියෙන්
- තිලිණි ප්‍රියංජලා -