Tuesday, December 8, 2015

අවරගිරට හිරු කුමරා ටටා කියා බැස යද්දී
සදු එන බව හිරු නොදකින නිසොල්මනේ හැන්දෑවක  
ගෝල්ෆේස් හද මුදුනින් ඉස්සි ඉස්සි බලන යාමේ
ඉමු බලාන සදසාවිය හිරුට හොරා එනතුරාම

මල් ඉහිරුණු හද පාරේ
කෝලම් බස් දොඩව දොඩව
වීදි ලාම්පු යටින් එලිය අරන්
ඇවිදන් යමු කොළඹ පාරේ

හිත් අහසේ හීන මැද්දේ
ඔබේ දෙතොලට හාදු තියා
උණුහුම් කර ඒ රස්නෙන්
සීනි නොදා රසකර අපි
උණුහුම් වෙමු සීත යාමේ

පීක් පීක් ට්‍රැෆික් අස්සේ
පහු කරගෙන කාර් වෑන්
ඉහ මුදුනින් සද සාවිගේ
ඉගිලෙමු අපි රෑ යාමේ

වැසි යාමේ ගිගුරුම් දෙන
පිපි නටන මල් අස්සේ
අපිත් නටමු මල් වාගේ
නලිය නලිය සීත සෘතුවේ

- තිලිණි ප්‍රියංජලා -

No comments:

Post a Comment