නැවතුන තැන තාම මම
මතක් කරනවා ඇපල් ගහ මුල
වැටුණු ඒ ඇපල් ගෙඩිය අපි දෙන්නා මැද්දට
කෑල්ලක් කටින් කාලා මං
ඔයාටත් දුන්නා මතකද කෑල්ලක්
කාගෙන කාගෙන ගියා
පෙරේතකමට මතකද ඔයාට
ගහ මුලට වෙලා හිටියා බලාගෙන මම
නිදි නේද ඔයා ඉවරවෙනකොට ඇපල් ගෙඩිය කාලා
මතක් උනා මට එක කුමාරිකාවක් ඇපල් කාලා නින්දට ගියපු
ඇඩුවා මං රෝස කොපුල් රතු වෙනකල්ම
ඔයාගේ ඔළුව මගේ උකුලේ තියාගෙන
කදුළු කෝඩ මගේ ඇස් වලින් වැටිච්ච
බේරිලා ගිහින් කොපුල් උඩින් මගේ
සීත කොපුල් උඩට වැටුනා ඔයාගේ
ඇස් ඇරියා නේද හෙමින් හෙමින් ඔයා
තොල් දෙක අස්සෙන් මුමුණනවා ඇහුනා මට
කියන්නට හිතුනා මට ඔයාට
ඇපල් නොකා ඉන්නවද මින් මතුවටත් මටත් නොදී පෙරේතකමට
ඔයා මනුස්සයෙක් මිසක කුමාරයෙක් නොවෙන බව සුරංගනා ලෝකයක
කුමාරියක් නොවෙන බව මං
වෙලාවකට බාටා කෑලි දාන, වෙලාවකට ජේත්තු බූට් සපත්තු දාන
රැලි රැලි කැරලි එල්ලෙන
බද වටේ සිලික් රිබන් අල්ලපු
තඹ කොන්ඩේ රෙදි පටියක් බැදපු
පොප්ලින් මල් වැටිච්ච ගවුම් අදින
කුමාරියක් නොවන බව
වයලීන් වයන්නීයක් මිසක
ෆැන්ටසි කුමරියක් නොවන බවට
- තිලිණි ප්‍රියංජලා -
No comments:
Post a Comment