Wednesday, August 19, 2015

එක අම්මා කෙනෙක් තමන්ගේ දරුවා ඉපදුන ගමන් අත් නැති නිසා එපා කියාලා. ඒ පාර දරුවා අනාථ නිවාසෙකට බාර දීලා.......


අත් නැති හන්දද අම්මේ මා එපා උනේ......

ඉපදෙනකොට මං ඔබේ පුතු බව දැනන් හිටියේ නෑ අම්මේ
ඔබේ ලේ කිරි උරා උපදින්නට ඉන්නා බව දන් නෑ අම්මේ
සසර දනව්වේ ඔබ මගේ මව් බව දන් නෑ අම්මේ
අත් දෙක නැති බවත් මං තව දන් නෑ අම්මේ

සසර පුරා අම්මගේ කුසේ උපදීනන්නට මං
පෙරුම්පුරා බලන් හිටියා මං
එනමුදු ඉස්පිරිතාලේදී දුටුවාද මං
මුහුණ දැක දැක හැරයන්නට සිතුනිද මං

දහදුක් විදදරා ඔබ වැදුවද මාව
මගේ ඇස් අරිනකොට ඇයි මට නොදැනුනේ මව් සුවද
මගේ අත් දෙකම නැති වුනත් මගේ පුංචි දෙඇස් බලා
කොහොමද සිත් දුන්නේ මා එපා කියන්නට

ඔබේ කුස ඇතුලේ අතපය දිගහරිමින් හිටියා 
නොදනුනිද මගේ දැගලිල්ල මං දග කරමින් හිටියා
පින් කර නැතිමුත් ඔබේ තුරුලේ සුව විදින්නට
යන්නම් අම්මේ ඔබේ සිත තුටින්නම් හැමදාට

අත් දෙක නැති බව මා දන්නවනම්
ඔබ මා එපා කියනා බව මා දන්නවනම්
ඔබේ මගේ මව කියා මා දන්නවනම්
මතු සංසාරේ ඔබට ලෝකයෙන් අපවාද නගන්නට ඉඩ නොදෙන්නම්

මොනවා කරන්නද මා මේ භවේ ඉපදුනේ මගේ පවට
යන්නම් අම්මේ කාත් කවුරුවත් මා හට නැති ලෙසට
අහිතක් නෑ අම්මේ යන්නම් මා ඔබ කියනා තැනට
යන්නම් අම්මේ ළමයින් අතරේ හිනැහෙන්නට ළමා නිවාසේටම
යන්නම් අම්මේ යන්නම් මට හිමි තැනට

තිලිණි ප්‍රියංජලා  -

Thursday, August 6, 2015




අනාථයා




            ජීවීතේ අපි හැමෝටම අම්මලා, තාත්තලා ඉන්නවා. එත් අම්මා තාත්තෙක්වත් නැහැයි කියන දාහක් ළමයි ලෝකේ කොච්චරක් නම් ඉන්නවද. අද ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම මව්වරුන් ගේ පියවරුන් ගේ දිනය මහා ඉහලින් සමරනවා. එත් ඒ අතුරින් සමහරක් ළමයි තමන්ගේ අම්මා තාත්තා ඇහැකටවත් දැකලා නැහැ. මේකට හේතුව මොකක්ද? ඇයි මෙහෙම වෙන්නේ? අද සමාජේ ඉන්න ගොඩක් අම්මලා තමන්ට දරුවෙක් හම්බුන ගමන් බෙල්ල මිරිකලා මරල දානවා එහෙමත් නැත්නම් අනාථ  නිවාසෙකට ගිහින් දානවා. අනාථ නිවාස දවසින් දවස වැඩි වෙනව මිසක කිසිම අඩුවක් නැහැ.


         දවසක් මං අනාථ නිවාසෙකට ගියා. ඒ අනාථ නිවසේ පුංචි දරුවෝ ගොඩක් හිටියා. ඒ හැම දරුවෙක්ගේම ඇස් වල මං එකම එක අහිංසක බලාපොරොත්තුවක් දැක්කා. ඒ තමයි ජීවීතේ කවදමහරි දවසක මගේ අම්මා, තාත්තත් මාව එක්කන් යන්න යාවී කියන අහිංසක බලාපොරොත්තුව. මේ අහිංසක දරුවෝ සමාජෙට වැටුනම කවදාහරි දවසක තමන්ගේ අම්මා තාත්තගේ නම අහනකොට සමාජේ ඉස්සරහ කොයිතරම් නම් අසරණ වේවිද....

          මල් වගේ අහිංසක කිරිසප්පයන් කිසිම හිතක් පපුවක් නැතුව දාලා යන්න තරම් මිනිස්සුන්ගේ හිත් හැදෙන හැටි නම් කියල වැඩක් නැහැ. මේකද මව්පියන් ගේ වගකීම මේකද අම්මලා ගේ යුතුකම සදාචාරය සමහර තාත්තලා නමින් හදුන්වන තාත්තලා තමන්ගේ ලෙයින් උපන් දියණියන් දුෂණය කරන්න තරම් මේ සමාජේ කොයිතරම් පහත තත්වෙකට වැටිලද .. .මේ වගේ අම්මලා තාත්තලා ඉන්න යුගයක.. හිගාකාලා හරි අනේ මගේ දරුවා කොහොම හරි උස් මහත් කරන්න මහන්සි ගන්න අම්මලා තාත්තලා අර දරුවෝ මරා දාන මිනීමරු, නිවට දෙමාපියන් අතරේ බුදුබව ලබන්න තරම් වරම් ලබනවා. පාරක් පාරක් ගානේ හිගමනේ යන දරුවෝ වගේම ඉගෙනගන්න ආසාවක් තිබ්බට පොතක් පතක් ගන්න වත්කමක් නැති දරුවෝ අද කි දෙනක්නම් ඉන්නවද, පොඩි හිත්වල මහා ලොකු අසාවන් නැති වුනාට එකම එක පුංචි හරි ආසාවක් මේ වගේ අසරණ දරුවෝ වෙනුවෙන් කරන්න පුලුවන්නම් ඒක ගොඩක් ලොකු පිනක් වෙවී. අහිංසක දරුවන්ගේ ජීවීත මල් වගේ රැක ගමු. ඒ දරුවන්ගේ ළමා කාලය සුරකිමු.
 

-          - තිලිණි ප්‍රියංජලා -




Saturday, August 1, 2015

බලාපොරොත්තුව….
    හිත ඇතුලේ දහසක් පැතුමන් තියෙන්නත් ඇති
කවදාවත් නොකියා ඉන්න හිතෙන්නත් ඇති
හැමදාමත් මං එන පෙරමග බලා ඉන්නත් ඇති
නොසිතු නිසාවෙන් මට එය නොදැනෙන්නත් ඇති
තවමත් බලාපොරොත්තුවෙන් ඇති
එනමුදු මට දැනෙන්නේ නැති හැටි
නොහදුනන මා ගැන සිතා සිත රිදුම් දෙන්නත් ඇති
එනමුදු මට කම් නැති

-තිලිණි ප්‍රියංජලා-
-දිනුම -

ජීවිතේ යමක් දිනා ගන්න නම්, යමක් ලබා ගන්න නම් හදවතට සවන් දෙන්න.හදවතින් පිළිතුරක් නොලැබුනොත් ඇස් දෙක පියන් දෙමාපියන් සිහිකරන්න.එවිට හැම කඩඉමක්ම කැඩීයාවි.හැම බාධකයක්ම බිදේවී.දිනුම ඔබේ වේවි.