Thursday, August 6, 2015




අනාථයා




            ජීවීතේ අපි හැමෝටම අම්මලා, තාත්තලා ඉන්නවා. එත් අම්මා තාත්තෙක්වත් නැහැයි කියන දාහක් ළමයි ලෝකේ කොච්චරක් නම් ඉන්නවද. අද ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම මව්වරුන් ගේ පියවරුන් ගේ දිනය මහා ඉහලින් සමරනවා. එත් ඒ අතුරින් සමහරක් ළමයි තමන්ගේ අම්මා තාත්තා ඇහැකටවත් දැකලා නැහැ. මේකට හේතුව මොකක්ද? ඇයි මෙහෙම වෙන්නේ? අද සමාජේ ඉන්න ගොඩක් අම්මලා තමන්ට දරුවෙක් හම්බුන ගමන් බෙල්ල මිරිකලා මරල දානවා එහෙමත් නැත්නම් අනාථ  නිවාසෙකට ගිහින් දානවා. අනාථ නිවාස දවසින් දවස වැඩි වෙනව මිසක කිසිම අඩුවක් නැහැ.


         දවසක් මං අනාථ නිවාසෙකට ගියා. ඒ අනාථ නිවසේ පුංචි දරුවෝ ගොඩක් හිටියා. ඒ හැම දරුවෙක්ගේම ඇස් වල මං එකම එක අහිංසක බලාපොරොත්තුවක් දැක්කා. ඒ තමයි ජීවීතේ කවදමහරි දවසක මගේ අම්මා, තාත්තත් මාව එක්කන් යන්න යාවී කියන අහිංසක බලාපොරොත්තුව. මේ අහිංසක දරුවෝ සමාජෙට වැටුනම කවදාහරි දවසක තමන්ගේ අම්මා තාත්තගේ නම අහනකොට සමාජේ ඉස්සරහ කොයිතරම් නම් අසරණ වේවිද....

          මල් වගේ අහිංසක කිරිසප්පයන් කිසිම හිතක් පපුවක් නැතුව දාලා යන්න තරම් මිනිස්සුන්ගේ හිත් හැදෙන හැටි නම් කියල වැඩක් නැහැ. මේකද මව්පියන් ගේ වගකීම මේකද අම්මලා ගේ යුතුකම සදාචාරය සමහර තාත්තලා නමින් හදුන්වන තාත්තලා තමන්ගේ ලෙයින් උපන් දියණියන් දුෂණය කරන්න තරම් මේ සමාජේ කොයිතරම් පහත තත්වෙකට වැටිලද .. .මේ වගේ අම්මලා තාත්තලා ඉන්න යුගයක.. හිගාකාලා හරි අනේ මගේ දරුවා කොහොම හරි උස් මහත් කරන්න මහන්සි ගන්න අම්මලා තාත්තලා අර දරුවෝ මරා දාන මිනීමරු, නිවට දෙමාපියන් අතරේ බුදුබව ලබන්න තරම් වරම් ලබනවා. පාරක් පාරක් ගානේ හිගමනේ යන දරුවෝ වගේම ඉගෙනගන්න ආසාවක් තිබ්බට පොතක් පතක් ගන්න වත්කමක් නැති දරුවෝ අද කි දෙනක්නම් ඉන්නවද, පොඩි හිත්වල මහා ලොකු අසාවන් නැති වුනාට එකම එක පුංචි හරි ආසාවක් මේ වගේ අසරණ දරුවෝ වෙනුවෙන් කරන්න පුලුවන්නම් ඒක ගොඩක් ලොකු පිනක් වෙවී. අහිංසක දරුවන්ගේ ජීවීත මල් වගේ රැක ගමු. ඒ දරුවන්ගේ ළමා කාලය සුරකිමු.
 

-          - තිලිණි ප්‍රියංජලා -




No comments:

Post a Comment