සේයා….
සේයා නංගි අතවර කර මරුවායැයි
මා දක්කා සිපිරි ගෙයට ගෙනගියේ ඇයි
ජඩමාධ්‍ය මගේ ආත්මය මරුවාමයි
පොලිසියත් මා නොමරා මැරුවේ ඇයි
අසැබ් දසුන් මගේ ලැපෙහි තිබුනේයැයි
රට පුරාම මහා මේඝයක් සේ පැතිරුවේ ඇයි
එවන් දසුන් මගේ ලපෙහි පමණක්මැයි
කරන්නද
මං දැන් මට ලැජ්ජයි
සේයා ඝාතන නඩුවේ සැකකරුවන් දෙදෙනෙකු වූ 17හැවිරිදි
සිසුවා සහ 32
හැවිරිදි එක්දරු පියා හට ලංකාවේ නීතිය හා සාමය සුරකින බවට ලොවක් හමුවේ ප්රතිඥ දුන්
කොටදෙණියාව පොලිසිය ඔවුන් නිරුවත් කරවා ලොවක් හමුවේ අපහාසයකට පත් කරණ ලදී. ලංකාවේ ජනමාධ්‍ය
ලෙස හදුන්වන ජනයාගේ මාධ්‍ය ජනයාගේ දෑස් මුලාවට ලක්කර ඔවුන්ගේ ජිවිත නින්දා අපහාසයට
ලක්කර ආත්මයම මරා දැමීමට තැත් කරන ලදී. ඒ දරුවා 17වියේදීම
ලෝකයාට මුහුණ දීමට නොහැකිවී තිබෙන්නේත් 32හැවිරිදි එක්දරු පියාගේ දරුවා
තමන්ගේ තාත්තා මෙහෙම කෙනෙක් යැයි ලොවම හංවඩු ගසනවිට ඒ දරුවාගේද අනාගතයම අදුරු කරන ලදී.
සේයා ඝාතකයා තවමත් හදුනාගෙන නැත. එනමුත් තමන් වරද පිළිගත් බව කොණ්ඩයා ගේ පාපොච්චාරණයෙන්
අනාවරණය වූවද ලංකාවේ ජනමාධ්‍ය කොන්ඩයාගේ මුහුණ
නොපෙන්වා කිසිදු වරදක් නොකළ මෙවැනි පුද්ගලයන්ගේ මුහුණු ජනමාධ්‍ය මගින් පෙන්වීම තුලින්
ලංකාවේ ජනමාධ්‍ය බලාපොරොත්තුවන්නේ රටේ අනාගතය වනසා දෑමිම නොවේද? මාධ්‍ය
ආචාර ධර්ම වලට පටහැනි වෙමින් සම"හරක්" මාධ්‍යන් මගින් සේයා වතාවක් නොව නැවතවරක්
ඇයගේ ආත්මයම කෙලෙසා දැමු අතර එයින් සැහීමකට පත් නොවී මුදල් අරඹයා සල්ලි වලට විකිනෙන
පක්ෂපාති ඇතැම් ජනමාධ්‍ය අවුරුදු17 කොල්ලගේ පපුවට පිහියෙන් ඇන ඒ
දරුවාගේ අනාගතයද සටහන් කලේ කළු පැල්ලමකිනි.
දැන්වත් ඒ කරපු වැරදි නිවැරදි කරපියව්. ජනමාධ්‍ය තියෙන්නේ ප්‍රසිද්ධිය තකා අහිංසක මිනිස්
ජිවිත අවධානමකට ලක්කර නිරුවත් කර ලොවක් හමුවේ අමු අමුවේ මිනිස් ජිවිත විකුණා කෑමට නොවේ.මිනිස්
ජීවිතවල වටිනාකම එළිපෙහෙළි කිරීමටය.
-තිලිණි ප්‍රියංජලා-