විඩාපත් සිත
මුණ ගැසුණු විට හායි කියන වෙන් වන විට බායි කියන
වචන වල කිසිදු අරුතක් ආශිර්වාදයක්
නොදැනෙන
සියල්ල අරුත් සුන්වි
ගිහින
එනමුදු නව්‍යකරණයේ අපුර්වත්වයද දකින
ව්කාර ලෝකයකි මේ
ජිවිතයේ යථාර්තය නොදකින
සත්‍යත් මායවත් අතර සැගවි ගිය
ලෝ සත් හට දහමද අමතක වි ගිහින
මිහිකත දෙදරා ගියද
තම සිතැගි පමණක් අරඹයා
පහත් වැඩ කරන කෙලෙසුන් පිරි
තිබෙන ලොවෙහි
අසම සම පහල වේ නම් බුදු
හිමි නැවතත්
මුදාලයි තූන් ලොවම විඩාපත් බරින්
-තිලිණි ප්‍රියංජලා-