Friday, September 11, 2015

හද ඇදි රුව......

මතක මාවතේ කෙතරම් සැරිසැරුවද
ගහක් කොළක් මලක් පාසා ඔබ සෙව්වද
යලි නොඑන බව සිතට දැනුනද සිත තවමත් ඉකි ගසා අඩනවද
තව කොතරම් කාලයක් නෙතු අගිස්සෙන් කදුළු වැටේවිද
නමුදු යලි නොඑන බව දැන දැනද දෑස දල්වා බලා හිදිමි එනතුරා
මා හද සිත්තම් කල රුව
කවදා හෝ කොතැනක හෝ හමු වේවිද
කම් නැතත් බලා හිදිමි මා හද ගෙත්තම් කල රුව
කල්පයක් ගියත් බලා හිදිමි එනතුරා


- තිලිණි ප්‍රියංජලා -

No comments:

Post a Comment