Friday, July 31, 2015

ඇසළ සද….

අනන්තය වෙත යන්න
නිල් අහසේ පාවෙන්න
ලතැව්ල් සෝ නිවා
සිත් තුටින් හිනැහෙන්න
ආසයි මට......

නිහඩ රෑ යාමේ
ගොළු වත හිත දරා
නිසංසල රෑ යාමේ පුදින
සේපාලිකා මල් සුවද හද දරා
සිල් සුවදින් හදවත පුරවාගන්නට
බලා හිදිමි යලි පෝදා සද පායනකම්

-තිලිණි ප්‍රියංජලා-

Friday, July 24, 2015

මනාපය...

මනාපය කියන්නේ කැමැත්තට. අයෙමත් ජන්දයක් එනවා. ආයේ මනාපේ පලකරන්න කාලේ හරි. කලින් කලට මනාපේ පල කරලා කුඩුකාරයන්, එතනෝල්කාරයන්, මොන්කොල්ලකාරයන්, ස්ත්‍රී දුෂකයන්, පාර්ලිමේන්තු යැවුවා. මේ පාරත් එහෙම කරනවාද.. අපේ රටේ තියෙන දේශපාලන පද්ධතිය ප්‍රජාතන්ත්‍රවාදී කිව්වට සැබවින්ම එහි ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙනවද යන්න පිළිබද සැකයක් පවතිනවා. ඉහල තත්ත්වයේ යයි කියාගත් උසස්, සල්ලිකාර ධනවත් පන්තියේ බලවතෙක් මොකක්හරි වරදක් කරලා හිරේ දැම්මොත් පැය 24ක් යන්න කලින් එලියට එනවා. ඇත්තටම සැබෑ ලෙසට නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවද.. එහෙම වෙනවනම් කොහොමද මෙවැනි තත්ත්වයන් උදා වෙන්නෙ...
සමහරු නම් කියනවා අපි නම් කැපුවත් කොළ, නිල්,රතු කියලා.අපේ රටේ හැමෝගෙම අගේ දුවන්නේ එකම ලේ කියල අද වෙනකොට කාට කාටත් අමතක වෙලා තියෙන එක ගැන එක අතකින් පුදුමයට කාරණාවක් වෙන්නත් බෑ. මොකද කියනවානම් ඒ තරමට මුළු දේශපාලනයම මුදලට යටවෙලා තියෙන බවකුයි පේන්න තියෙන්නෙ. කාගේ කාගේත් කිල්ලෝටවල කුණු ටික ටික හරි තියෙනවා කියන්නවගේ පැවැති හා පවතින ආණ්ඩුවල නියෝජිතයන් වේවා ලොකු ලොක්කන් දක්වා හැමෝගෙම වැරදී තියෙන බව අප හොදාකාරවම දනිමු. සමස්ත දේශපාලන පද්ධතියේම ඉන්න ජනතා මනාපයෙන් පත්වෙන ජනතා නියෝජීතයන් යයි කියාගන්නා බොහෝ දෙන එකිනෙකාට කෑකෝ ගහමින් බැන ගනිමින් කා කොටා ගන්නවා මිසක අහිංසක දුක් විදින ජනතා ප්‍රශ්න වලට සවන් දෙන්නේ නැහැ, රට සංවර්ධනය කරන්න යොමුවෙන්නෙ නැහැ. පාර්ලිමේන්තුව විසිරෙව්වට පස්සෙ ඊළගට මේ ඉන්න මැති ඇමතිවරු සේරම කරන්නෙ ආයේ ජනතා අපේක්ෂකයන් විදියට අහිංසක ජනතාවගේ ගෙයින් ගෙට ගිහින් හෝ ලියුම් යැවීම මගින් ජන්ද හිගමනේ යාමයි. ඊට පස්සෙ ජන්ද හිගමනේ ගිහින් අරක දෙන්නම් මේක දෙන්නම් බොරු පොරොන්දු දාහක් දීලා ජනතා අනුකම්පාවෙන් ජනතාවගේ මනාපේ අරන් පාර්ලිමේන්තුවට යාමයි.
ජන්දේ දිනුවට පස්සෙ අඩුගානේ බොරු පොරොන්දු දීපු මැති ඇමතියන් දකින්නවත් නැහැ. එහෙමත් නැත්නම් ඔවුන්ව හම්බවෙන්න එපොයිමන්ට් එකක් දාන්න ඕනි. ඒ වගේම ජන්දේ දිනුවට පස්සෙ තමන්ගේ දරුවා හොද ඉස්කෝලෙකට දාගන්නවා මදිවට ගුරුවරයෙක් දරුවට වැරැද්දකට දඩුවමක් දීපු ගමන් තමන්ගේ බලේ පෙන්නන්න ඉස්කෝලෙට ගිහින් ඒ දඩුවම් දීපු ගුරුවරයව දනගස්සන තුට්ටුදෙකේ මැතිවරුන් නේද මේ ජන්දයෙන් තෝරා පත් කරගෙන තියෙන්නේ..
කාගේ උනත් දරුවෙක් වරදක් කලාම දඩුවම් කරලා හරි ඒ වරද හදන එක ගුරුවරුන්ගේ යුතුකම. එත් රට තුල  පවතින මිදහස් අධ්‍යාපනයේ මෙවැනි උද්ගතවීම තුල නිදහස් අධ්‍යාපනය පවතිනවද යන්න සැකයට තුඩු දෙන කරුණකි. නමුදු දේශපාලන පද්ධතිය තුල වංචාකාර දුෂිත නියෝජීතයන් අතර ජනතා  සේවය සිය ජීවන මෙහෙයවරක් බවට පත් කරගත් බවට පත් කරගත් ඇතැම් නියෝජීතයන් සිටින බවද ගෞරවයෙන් සිහිපත් කල යුතුය. මීලගට අගෝස්තු 17 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් උගත්, බුද්ධිමත් සත්‍යවාදිවුත් ජනතා මෙහෙවරක් ඉටුකරන නමට පමණක් නොවන පාලකයන් සිය මනාපය පලකොට පත්කරගැනීම ජනතාව සතු වගකීමකි.
වර්තමානය වෙනකොට රාජ්‍ය සේවය සදහා නුසුදුස්සන් පත්වෙනවා. ඇමතිවරුන්ගේ එක ලියුමකින් සාමාන්‍ය පෙළවත් අඩුතරමේ අටේ පන්තියටවත් නොගියපු නුගත් පිරිස් රාජ්‍ය සේවයට ඇතුල් කරනවා. මේ වගේ තත්ත්වයන් තුල සැබවින්ම උගත් බුද්ධිමත් සුදුස්සාට සුදුසු තැන හිමිවෙයිද?? වෙන දෙයක් තියා තමන්ගේ දරුවා ඉහල ඉස්කෝලෙකට දාගන්නත් මැති ඇමතිවරුන්ගේ එක කෝල් එකකින් කරන්න පුළුවන්. මේ තුලින් සමාජයේ ඇති හැකි, නැති බැරි පන්ති නිර්මාණය නොවෙයි කියල හිතන්න පුලුවන්ද...දේශය පාලනය කරන දේශපාලකයන් ජන්දයෙන් තෝරා පත් කරගන්නවාද නොඑසේනම් දේශය පාලු කරන දේශපාලුවන් තෝරා පත් කරගන්නවාද නැද්ද යන්න මෙවරත් ජනතා මනාපය මත තීන්දු වෙයි.  



-තිලිණි ප්‍රියංජලා-
පෙර සංසාරය...

හැමදාමත් ලග ඉන්නත් ඇති
කවදාවත් ලං නොවෙන්නත් ඇති
සිත් තුල දාහක් පැතුමන් හැංගී තියෙන්නත් ඇති
කවදාවත් ඒවා නොකියා හිතේ හංගගෙන ඉන්නත් ඇති
සංසාර පුරුද්දට මේ භවයෙත්  හමුවෙන්න ඇති 
සසර පුරුද්දට මේ භවයේත් වෙන් වෙන්න ඇති

-තිලිනි ප්‍රියංජලා -

Thursday, July 23, 2015

තුන් සිත...

සුදු දෙඅතින් මල් පොකුරක්
දෝත දරා ඇවිදින්නට
නීල අහසේ වලාකුළු මතින්
පාවෙවී ඈත දුරක පාවෙන්නට
රෑ අහසේ රන් තරු කැට
දෝත පුරා නෙලාගන්ට
තුන් සිත සංවර කරගෙන
ආසයි ලෝ දහම තුලින්
බුදු කරුණා සුව විදින්න 

තුන් සිත සංවර කරගෙන
බුදු පහසින් සිත් පහදා
මුළු ලොවටම මෙත් පතුරා
ආසයි ලෝ දහම තුලින්
බුදු කරුණා සුව විදින්න

බුදු වදනින් සිත පහදා
තුන් සිත නිසසල කරගෙන
දුක් දොම්නස් ඉවත දමා
ආසයි ලෝ දහම තුලින්
බුදු කරුණා සුව විදින්න

-තිලිණි ප්‍රියංජලා -



Wednesday, July 22, 2015



ඉස්කෝලේ
පුංචි කාලේ අපි ඉස්කෝලේ යන දවස්වල හරිම සුන්දරයි. මං තවමත් ආසයි මගේ පුංචි කාලෙට. ඒ කාලේ හරිම සුන්දරයි, එත් අද ඉන්න පුංචි දරුවන්ට ඒ සුන්දර කාලේ හිමිවෙලා තියෙනවද කියලත් සැකයි. ඒ මොකද දන්නවද දැන් කාලේ පොඩ් උන්ට කිසිම නිදහසක් නැහැ. මොන්ටිසෝරියට යන හයක් හතරක් නොදන්නා කිරිසප්පයා හිටන් අද ටියුෂන් පන්ති ඇදන් යනවා. ඒ මදිවට පිටටවත් උහුලගන්න බැරි බැග් එකක් එල්ලන් පාරේ යන හැටි දැක්කම දුකේ බැහැ. ඇත්තටම මේ දේවල්වලට වග කියන්න ඕන කවුද? සමහර අම්මලා, තාත්තලා තමන් ගත කරපු සුන්දර ළමාවිය අමතක කරලා දාලා තමන්ගේ දරුවන්ගේත් ඒ සුන්දර ළමා කාලේ දරුවන්ට නැතිකරනවා. උදේ පාන්දර නැගිටලා මුණ කට සෝදන් ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා කෙලින්ම යන්නේ පන්ති. පන්ති ගිහින් ඇවිත් තිබුනොත් අයේ නයිට් ක්ලාස් කියලා පන්තියකට ඇදන් යනවා ඉතින් කොහෙද නිදහසක් තියෙන්නේ. දියුණු වෙන සමාජෙත් එක්ක දියුණුවෙන්න ඕනි තමයි. එත් එහෙමයි කියලා අහිංසක මල් වගේ දරුවන්ගේ ලස්සන ළමා කාලේ අහිමි කරන එක හරිද?
පෙළක් දරුවන්ට දුප්පත්කම නිසා ඉස්කෝලේ යන්න වත්කමක් නැ. සමහර දරුවන් අම්මලා තාත්තලා විසින්ම දරුවන්ව වැඩකාර කමට විකුණනවා.සමහර දරුවෝ අයාලේ යනවා, එහෙමත් නැත්නම් මුට්ට කරගහන්න යනවා නාට්ටාමී රස්සාවට යනවා. අපේ රටේ අනාගතේ බාරගන්න ඉන්න මේ අහිංසක දරුවන්ට සිප්සතර කියලා දෙන්න ඕන දෙමාපියන්ම මේ පාප කර්මෙට මුල්වෙන එක තමයි තියෙන ලොකුම අපරාදේ. තවත් සමහර අම්මලා දරුවෝ හම්බුන ගමන් බෙල්ල මිරිකලා මරලා දානවා, එහෙමත් නැත්නම් ඉපදුන ගමන් වලලනවා. ගගට විසික් කරනවා, මේකද අම්මෙක්ගේ වගකීම මේකද අම්මලාගේ යුතුකම සදාචාරය සමහර තාත්තලා නමින් හදුන්වන තාත්තලා තමන්ගේ ලෙයින් උපන් දියණියන් දුෂණය කරන්න තරම් මේ සමාජේ කොයිතරම් පහත තත්වෙකට වැටිලද .. .මේ වගේ අම්මලා තාත්තලා ඉන්න යුගයක.. හිගාකාලා හරි අනේ මගේ දරුවා කොහොම හරි උස මහත් කරන්න මහන්සි ගන්න අම්මලා තාත්තලා අර දරුවෝ මරා දාන මිනීමරු, නිවට දෙමාපියන් අතරේ බුදුබව ලබන්න තරම් වරම් ලබනවා. අහිංසක දරුවන්ගේ ජීවීත මල් වගේ රැක ගමු. ඒ දරුවන්ගේ ළමා කාලය සුරකිමු.


-තිලිණි ප්‍රියංජලා-


අසිරිමත් සිත
මමත්වය අමතක කොට
අදුරු රැය තුල
ගිලෙන්නට මට
දෙන්න අවසර
මිහිකතට
දෙන්න අවසර
මා මුදාලන්නට
සද රැසින් බබළනා
තරකාවෙනි
බලා සිටිනුය
මදෙස දුර සිට
සිතිජය ට
පියාපත් වලින් ඇගෙ
ඉඩ දෙන්න තවමත්
මා තුරුළු කර ගැනුමට
ගීතයක් වදනක්
කටහඩක්
ගැට්මක් නින්දක්
අවදිවීමක් නොවේවා
අහස්කුස මා වසා
සතුට පිටාර ගලා
සද මිලාන වූ සේය
වන්දනාකරුවන් පිරුණු
නැවකි ලෝකය
නොපෙනී යයි ඇත නිල් අහසේ
වායුව හා මුසුව
සෙලරුවන්ගේ ගී හඩ
කෙදිරිල්ලක් සේ
ඇතට යන්නේ
එළිය නොදකින
රැයේ හද තුළ
ගිලෙන්නෙමි මම
මගෙන් වෙන්වී
තිතක් සේ...

ඔබේ සුන්දර සිත අසිරිමත් සිතක්ම වේවා !!!


  -අසිරිමත් සිත කෘතියෙන් උපුටා ගන්නා ලදී-