ප්‍රේමයේ
පාට
අපි පුංචි
කාලේ ඉදලා ආදරේ අදුනගන්නේ අපේ අම්මා
තාත්තාගෙන්, ඒ ආදරේ අපේ
මුළු ජිවිත කාලය පුරාවටම මතකයේ රැදිලා තියෙනවා. ඒ වගේම ඒ මතකෙට පවා අපි පන වගේ ආදරේ කරනවා. ආදරය අපි හැමෝටම පොදු දෙයක්
උනත් ගෙදරින් පිට ලෝකයෙන් ලැබෙන ආදරය ඊටත් වඩා හාත්පසින්ම වෙනස්. ඒ මොකද කියනවානම්
තාරුණ්‍යට අඩිය තියනවත් එක්කම බාහිර සමාජයෙන් බලාපොරොත්තුවෙන ආදරය තුලින් අද
වෙනකොට සියදහස් ගණන් තරුණ ජිවිත අහිමි වෙලා තියෙනවා.ඒ ආදරයේ පාට හරි හැටි හදුනා
නොගැනීම තුලින්. ජීවිතය කියන්නේ හරියට වන්දනාවක් වගේ ගොඩක් පිරිසිදු හදවතින් යන්න
ඕනි ගමනක්. ඉතින් ඒ වන්දනාව යනකොඅට දහසකුත් බාධක දුක් කම්කටොළු
ජීවීතයට ගලා එනවා. ඒ අතරතුර අපේ ජීවිතවලට යම් යම් පුද්ගලයන් ජිවීතවලට ලං වෙන්න
උත්සහ කරනවා. යොවුන් ප්‍රේමය එඅතරින් ප්‍රධානයි. වර්තමානය වෙනකොට ප්‍රේමය මුවාවෙන්
මිනීමැරුම්, දුෂණ, භීෂණ, වංචා බොහොමයක් අහන්න
වගේම දකින්නත් ලැබුනා. මං විස්වාස කරන විදියට ආදරේ කියන්නෙත් හර්දයාංගම
වන්දනාවක්.තමන් ආදරේ කරන කෙනා තමන්ට ලැබුනත්, නැතත් ඒ ආදරේ හැමදාටමත් හොදින් ජීවත් වෙන්න කියන ප්‍රාර්ථනාව
අද ගොඩාක් ආදරවන්තයන්ගේ සිත් වලින් ගිලිහිලා ගිහින් තියෙනවා.අද වෙනකොට ආදරේ අයිති
නොවුන තැන මිනීමරාගන්නා සමාජයක් බවට තරුණ හිත් කෘරත්වයෙන් පිරිලා.ඒ විතරක් නෙවෙයි
ජාති බේද නිසාත් යම් යම් ප්‍රශ්න ගොඩනැගෙමින් පවතිනවා.
මේක පවතින හෝ පැවති සමාජයේ
වරදක්ද?
-තිලිණි ප්‍රියංජලා-
-තිලිණි ප්‍රියංජලා-
No comments:
Post a Comment