Wednesday, July 22, 2015

ගලා යන ජීවීතය
මට නමක් නැත
කදුකරයෙන් හැම එන
පවන් රැල්ලක් සේ
මා නැවුම්ය
ගෙයක් නැති මම
දිය දහරක් සේ නිරන්තර
ගමනෙහි යෙදී වෙසෙමි
අදුරු දෙවියනට බදු
ලැගුම් බිමක් මට නැත
පුදහල්වල සෙවණැලි තුල
මා දැකිය නොහැකිය
මට ශුද්ධ ග්‍රන්ථ නැත
ගතානුගතික සිරිත් මට නුහුරුය
උස් පුදසුන් මතින් නැගෙන
සුගන්ධ ධුපයෙහි හෝ
උත්සව අත්‍යලන්කරණයෙහි
මම නොවෙමි
නෙලන ලද ප්‍රතිමාවෙහි හෝ
මධුර ස්වර සජ්ඣයනයෙහි හෝ
මම නොවෙමි
න්‍යාය වාදනයෙන් නොබැදුනෙමි
විශ්වාසයෙන් නොකෙලසුනෙමි
ආශාවේ බැම්මෙන් හෝ පුජකයන් ගේ උන්මාදයෙන්
හෝ
නොබැදුනෙමි
දර්ශනවාදවලින් නොබැදුනෙමි
එකී නිකායවලින් වාසග නොවූයෙමි
මම පහත් හෝ උසස් නොවෙමි
වදින්නා මෙන්ම
වැදුම් ලබන්නාද
එකසේ මම වෙමි
මා නිදහස්ය
මගේ ගීතය වනාහි
විවුර්ත මහා සාගරය අමතන
ගංගාවේ ගීතයයි ගලා යන මම ජීවිතය වෙමි
-ජෙද්දු ක්‍රිෂ්නමුර්ති-

No comments:

Post a Comment