-ජනමාධ්‍ය
පීඩාව-
රටක ජනමාධ්‍ය එරට තුල හතරවෙනි ආණ්ඩුව
කියලා හදුන්වනවා. නමුත් දැන් තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්. හේතුව
වර්තමානය තුල ජනමාධ්‍ය මුදලට විකිණී ඇති හෙයිනි. එහෙමත් නැතිනම් පසුගිය
ආණ්ඩුව කාලයේ පැවති සුදු වෑන් සංස්කෘතිය නිසා ජනමාධ්‍ය නිසා ජනමාධ්‍යවේදීන්
මීට ඉහත කාලයකට පෙර දැඩී පීඩනයකට පත්වී තිබු නිසාවෙනි. ඇත්තටම
ජනමාධ්‍ය තුල ජනමාධ්‍යවේදීන්ට සැබැ ලෙසම නිදහස හිමිවෙනවාද? එහෙනම් කෝ ඒ
නිදහස??
ඇයි පවත්නා දේශපාලන තත්ත්වය උඩ සැබෑ ලෙසම ජනමාධ්‍ය අහිමිවී තිබෙන්නේ? පසුගිය
රාජපක්ෂ රෙජීමය සමයේ මාධ්‍ය නිදහස සම්පුර්ණයෙන්ම ආණ්ඩුවේ ගොදුරක්
මෙන්ම රූකඩයක් බවට පත්වී තිබු බව අපි දනිමු. ඒ කාලය තුල සත්‍ය වුවත්
අසත්‍ය කරමින් සාධාරණය අසාධාරණය ට පරිවර්තනය කරමින් ජනමාධ්‍ය සල්ලිවලට
විකිණීමට ලක්වූ බියට පත්වූ යුගය යම් ආකාරයකට වර්තමානය තුල යහපාලන ආණ්ඩුව
තුලින් යම් දුරකට සීමාවී තිබුනත් ඇත්තටම පවතින දේශපාලන පද්ධතිය තුල ජනමාධ්‍ය
නිදහසක් හිමිවී තියෙනවාද යන්න අදටත් ගැටළුවක් බවට පත්වී තිබේ.
-තිලිණි ප්‍රියංජලා-
No comments:
Post a Comment