මනාපය...
මනාපය
කියන්නේ කැමැත්තට. අයෙමත් ජන්දයක් එනවා. ආයේ මනාපේ පලකරන්න කාලේ හරි. කලින් කලට
මනාපේ පල කරලා කුඩුකාරයන්, එතනෝල්කාරයන්, මොන්කොල්ලකාරයන්, ස්ත්‍රී
දුෂකයන්,
පාර්ලිමේන්තු යැවුවා. මේ
පාරත් එහෙම කරනවාද.. අපේ රටේ තියෙන දේශපාලන පද්ධතිය ප්රජාතන්ත්රවාදී කිව්වට සැබවින්ම
එහි ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වෙනවද යන්න පිළිබද සැකයක් පවතිනවා. ඉහල
තත්ත්වයේ යයි කියාගත් උසස්, සල්ලිකාර
ධනවත් පන්තියේ බලවතෙක් මොකක්හරි වරදක් කරලා හිරේ දැම්මොත් පැය 24ක්
යන්න කලින් එලියට එනවා. ඇත්තටම සැබෑ ලෙසට නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවද.. එහෙම
වෙනවනම් කොහොමද මෙවැනි තත්ත්වයන් උදා වෙන්නෙ...
සමහරු නම් කියනවා අපි
නම් කැපුවත් කොළ,
නිල්,රතු
කියලා.අපේ රටේ හැමෝගෙම අගේ දුවන්නේ එකම ලේ කියල අද වෙනකොට කාට කාටත් අමතක වෙලා
තියෙන එක ගැන එක අතකින් පුදුමයට කාරණාවක් වෙන්නත් බෑ. මොකද කියනවානම් ඒ තරමට මුළු
දේශපාලනයම මුදලට යටවෙලා තියෙන බවකුයි පේන්න තියෙන්නෙ. කාගේ කාගේත් කිල්ලෝටවල කුණු
ටික ටික හරි තියෙනවා කියන්නවගේ පැවැති හා පවතින ආණ්ඩුවල නියෝජිතයන් වේවා ලොකු
ලොක්කන් දක්වා හැමෝගෙම වැරදී තියෙන බව අප හොදාකාරවම දනිමු. සමස්ත දේශපාලන
පද්ධතියේම ඉන්න ජනතා මනාපයෙන් පත්වෙන ජනතා නියෝජීතයන් යයි කියාගන්නා බොහෝ දෙන
එකිනෙකාට කෑකෝ ගහමින් බැන ගනිමින් කා කොටා ගන්නවා මිසක අහිංසක දුක් විදින ජනතා ප්‍රශ්න
වලට සවන් දෙන්නේ නැහැ, රට
සංවර්ධනය කරන්න යොමුවෙන්නෙ නැහැ. පාර්ලිමේන්තුව විසිරෙව්වට පස්සෙ ඊළගට මේ ඉන්න
මැති ඇමතිවරු සේරම කරන්නෙ ආයේ ජනතා අපේක්ෂකයන් විදියට අහිංසක ජනතාවගේ ගෙයින් ගෙට
ගිහින් හෝ ලියුම් යැවීම මගින් ජන්ද හිගමනේ යාමයි. ඊට පස්සෙ ජන්ද හිගමනේ ගිහින් අරක
දෙන්නම් මේක දෙන්නම් බොරු පොරොන්දු දාහක් දීලා ජනතා අනුකම්පාවෙන් ජනතාවගේ මනාපේ
අරන් පාර්ලිමේන්තුවට යාමයි.
ජන්දේ දිනුවට පස්සෙ අඩුගානේ බොරු පොරොන්දු දීපු මැති
ඇමතියන් දකින්නවත් නැහැ. එහෙමත් නැත්නම් ඔවුන්ව හම්බවෙන්න එපොයිමන්ට් එකක් දාන්න
ඕනි. ඒ වගේම ජන්දේ දිනුවට පස්සෙ තමන්ගේ දරුවා හොද ඉස්කෝලෙකට දාගන්නවා මදිවට
ගුරුවරයෙක් දරුවට වැරැද්දකට දඩුවමක් දීපු ගමන් තමන්ගේ බලේ පෙන්නන්න ඉස්කෝලෙට ගිහින්
ඒ දඩුවම් දීපු ගුරුවරයව දනගස්සන තුට්ටුදෙකේ මැතිවරුන් නේද මේ ජන්දයෙන් තෝරා පත්
කරගෙන තියෙන්නේ..
කාගේ උනත් දරුවෙක් වරදක් කලාම දඩුවම් කරලා හරි ඒ වරද හදන එක
ගුරුවරුන්ගේ යුතුකම. එත් රට තුල පවතින
මිදහස් අධ්‍යාපනයේ මෙවැනි උද්ගතවීම තුල නිදහස් අධ්‍යාපනය පවතිනවද යන්න සැකයට තුඩු
දෙන කරුණකි. නමුදු දේශපාලන පද්ධතිය තුල වංචාකාර දුෂිත නියෝජීතයන් අතර ජනතා සේවය සිය ජීවන මෙහෙයවරක් බවට පත් කරගත් බවට පත්
කරගත් ඇතැම් නියෝජීතයන් සිටින බවද ගෞරවයෙන් සිහිපත් කල යුතුය. මීලගට අගෝස්තු 17
වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් උගත්, බුද්ධිමත්
සත්යවාදිවුත් ජනතා මෙහෙවරක් ඉටුකරන නමට පමණක් නොවන පාලකයන් සිය මනාපය පලකොට
පත්කරගැනීම ජනතාව සතු වගකීමකි.
වර්තමානය වෙනකොට රාජ්‍ය සේවය සදහා නුසුදුස්සන්
පත්වෙනවා. ඇමතිවරුන්ගේ එක ලියුමකින් සාමාන්‍ය පෙළවත් අඩුතරමේ අටේ පන්තියටවත්
නොගියපු නුගත් පිරිස් රාජ්‍ය සේවයට ඇතුල් කරනවා. මේ වගේ තත්ත්වයන් තුල සැබවින්ම
උගත් බුද්ධිමත් සුදුස්සාට සුදුසු තැන හිමිවෙයිද?? වෙන
දෙයක් තියා තමන්ගේ දරුවා ඉහල ඉස්කෝලෙකට දාගන්නත් මැති ඇමතිවරුන්ගේ එක කෝල් එකකින්
කරන්න පුළුවන්. මේ තුලින් සමාජයේ ඇති හැකි, නැති
බැරි පන්ති නිර්මාණය නොවෙයි කියල හිතන්න පුලුවන්ද...දේශය පාලනය කරන දේශපාලකයන්
ජන්දයෙන් තෝරා පත් කරගන්නවාද නොඑසේනම් දේශය පාලු කරන දේශපාලුවන් තෝරා පත්
කරගන්නවාද නැද්ද යන්න මෙවරත් ජනතා මනාපය මත තීන්දු වෙයි.
-තිලිණි ප්‍රියංජලා-
No comments:
Post a Comment