Wednesday, July 22, 2015



ඉස්කෝලේ
පුංචි කාලේ අපි ඉස්කෝලේ යන දවස්වල හරිම සුන්දරයි. මං තවමත් ආසයි මගේ පුංචි කාලෙට. ඒ කාලේ හරිම සුන්දරයි, එත් අද ඉන්න පුංචි දරුවන්ට ඒ සුන්දර කාලේ හිමිවෙලා තියෙනවද කියලත් සැකයි. ඒ මොකද දන්නවද දැන් කාලේ පොඩ් උන්ට කිසිම නිදහසක් නැහැ. මොන්ටිසෝරියට යන හයක් හතරක් නොදන්නා කිරිසප්පයා හිටන් අද ටියුෂන් පන්ති ඇදන් යනවා. ඒ මදිවට පිටටවත් උහුලගන්න බැරි බැග් එකක් එල්ලන් පාරේ යන හැටි දැක්කම දුකේ බැහැ. ඇත්තටම මේ දේවල්වලට වග කියන්න ඕන කවුද? සමහර අම්මලා, තාත්තලා තමන් ගත කරපු සුන්දර ළමාවිය අමතක කරලා දාලා තමන්ගේ දරුවන්ගේත් ඒ සුන්දර ළමා කාලේ දරුවන්ට නැතිකරනවා. උදේ පාන්දර නැගිටලා මුණ කට සෝදන් ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා කෙලින්ම යන්නේ පන්ති. පන්ති ගිහින් ඇවිත් තිබුනොත් අයේ නයිට් ක්ලාස් කියලා පන්තියකට ඇදන් යනවා ඉතින් කොහෙද නිදහසක් තියෙන්නේ. දියුණු වෙන සමාජෙත් එක්ක දියුණුවෙන්න ඕනි තමයි. එත් එහෙමයි කියලා අහිංසක මල් වගේ දරුවන්ගේ ලස්සන ළමා කාලේ අහිමි කරන එක හරිද?
පෙළක් දරුවන්ට දුප්පත්කම නිසා ඉස්කෝලේ යන්න වත්කමක් නැ. සමහර දරුවන් අම්මලා තාත්තලා විසින්ම දරුවන්ව වැඩකාර කමට විකුණනවා.සමහර දරුවෝ අයාලේ යනවා, එහෙමත් නැත්නම් මුට්ට කරගහන්න යනවා නාට්ටාමී රස්සාවට යනවා. අපේ රටේ අනාගතේ බාරගන්න ඉන්න මේ අහිංසක දරුවන්ට සිප්සතර කියලා දෙන්න ඕන දෙමාපියන්ම මේ පාප කර්මෙට මුල්වෙන එක තමයි තියෙන ලොකුම අපරාදේ. තවත් සමහර අම්මලා දරුවෝ හම්බුන ගමන් බෙල්ල මිරිකලා මරලා දානවා, එහෙමත් නැත්නම් ඉපදුන ගමන් වලලනවා. ගගට විසික් කරනවා, මේකද අම්මෙක්ගේ වගකීම මේකද අම්මලාගේ යුතුකම සදාචාරය සමහර තාත්තලා නමින් හදුන්වන තාත්තලා තමන්ගේ ලෙයින් උපන් දියණියන් දුෂණය කරන්න තරම් මේ සමාජේ කොයිතරම් පහත තත්වෙකට වැටිලද .. .මේ වගේ අම්මලා තාත්තලා ඉන්න යුගයක.. හිගාකාලා හරි අනේ මගේ දරුවා කොහොම හරි උස මහත් කරන්න මහන්සි ගන්න අම්මලා තාත්තලා අර දරුවෝ මරා දාන මිනීමරු, නිවට දෙමාපියන් අතරේ බුදුබව ලබන්න තරම් වරම් ලබනවා. අහිංසක දරුවන්ගේ ජීවීත මල් වගේ රැක ගමු. ඒ දරුවන්ගේ ළමා කාලය සුරකිමු.


-තිලිණි ප්‍රියංජලා-

No comments:

Post a Comment