Saturday, July 18, 2015

ගම්බැද්දෙන් සිදාදියට


මං නම් කියන්නෙ ගම කියන්නේ ලස්සන ජිවිතයක්. එත් සමහර උදවිය නම් කියන්නේ කොළොම්තොට කියන්නේ සුරපුරයක් කියලා.ඇත්තටම ගමෙයි නගරෙයි වෙනස මොකක්ද? ඇයි ගමට වඩා නගරේ හොදයි කියන්නෙ? ඇත්තටම ගමේ තියෙන සුන්දරත්වේ රළු ගිනියම් ගහන කාෂ්ඨක පොළොවෙන් රත්උන කොන්ක්‍රීට් වනාන්තරයක් වගේ තියෙන කොලොම්තොටේ තිනවද? ගමේ මනුස්සයෙක් කොළොම්තොටට ගියාම කොලොම්තොටේ මිනිස්සු කියන්නේ අන්න ගොඩේ බයියෙක් යනවා කියලා. එත් කොලොම්තොටේ මනුස්සයෙක් ගමට ආවාම අන්න සිදාදියෙන් මහත්තයෙක් ඇවිල්ලා  කියනවා. ඇයි මෙහෙම වෙන්නෙ? මොකක්ද මේකට හේතුව? හැදියාවද, සදාචාරයද එහෙමත් නැත්නම් දුප්පත් පෝසත් බවද? එහෙමත් නැතිනම් ගමට වඩා සිදාදිය දියුණුයි කියන මතේ එල්ලීගෙන ඉන්න නිසාද? එත් එහෙම හිතනවානම් ඒක කොයිතරම් දුරට වැරදියිද. ඒ මොකද දන්නවද ගමේ පොල්අතු  සෙවිලි කරලා තියෙන පුංචි ඉස්කෝලෙකින් අනේකවිධ දුක් ගැහැට විදලා  අකුරු ඉගෙනග්ත්තවුන් තමයි අද ගොඩක්ම ඉහල තැන්වල ඉන්නේ.
අද ගොඩක්ම සිද්ධවෙන්නේ ගමේ පොඩි ඉස්කෝලෙන් ඉගෙනගෙන ලංකාවේ පලවෙනිතැනට හරි දෙවෙනිතැනට හරි ආවාම පොඩි ඉස්කෝලේ අත් හැරලා සිදාදියේ ලොකු ඉස්කෝලෙකින් කතා කරපු ගමන් ඒ ඉස්කෝලෙට යනවා. ඉතින් ගමේ ඉස්කෝල කොහොම දියුණු වෙන්නද මේ වගේ හේතු සාධක හන්දා ගමෙයි සිදාදියෙයි වෙනස්කම් ඉබේටම ඇති වෙනවා නේද.... ගමක හමන සීතල හුළග සිදාදියේ හමන ගිනියම් හුළගට වඩා කොච්චර සනීපද... මං එහෙමයි කියලා සිදාදිය නරකයි කියලා බැහැර කරන්නෙ නැහැ.ඒත් නගරේ වගේම ගමත් දියුණු වෙන්න ඕනි. ගමටත් තැනක් ලැබෙන්න ඕනි.
-තිලිණි ප්‍රියංජලා-

No comments:

Post a Comment